නව බලශක්ති ප්‍රතිපත්තිය හඳුන්වාදීම මගින් අවම විදුලි ගාස්තුව ඉහළ යන බව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ නොරොච්චෝලේ බලාගාරයට ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනයෙන් සිදුව ඇති අලාභය ද ජනතාවට දැරිම සිදුව ඇති බවය.
ගල් අඟුරු ප්‍රසම්පාදනය තුළ සිදුවූ බවට වාර්තා වී ඇති මහා පරිමාණ වංචාව පිළිබඳ කරුණු ඇතුලත් පෙත්සමක් ඊයේ දින (18) අල්ලස් සහ දූෂණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාඨලි චම්පික රණවක මේ බව සඳහන් කළේය.
මේ අතර ගල් අඟුරු වංචාවට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සභාපති එම්.ඩි.ආර් අතුල සඳහන් කළේය.