බැසිල් අලුත් ගේමක් ඉල්යි
වහාම පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කර පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවීමට ආණ්ඩුව වහා කටයුතු කල යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ස්ථාවරය වී ඇතයි වාර්තා වේ.
ආණ්ඩු විරෝධි ජනමතය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබී ඇති බැවින් වත්මන් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය ඒකාබද්ද විපක්‍ෂයට ලබා දිය යුතුම බවත් ඔහු අවධාරණය කර සිටියි.
ඊයේ (10) පැවති පළාත් පාලන මැතිවරණයෙන් බහුතර කොට්ඨාශ ප්‍රමාණයක් මේ වන මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කර ඇති අතර, දෙවන තැන එක්සත් ජාතික පක්ෂයටත්, තෙවන තැන එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් ලැබී ඇත. ජනතා විමුක්ති පෙරමුණ සිව්වන තැන පසුවෙයි.
චමල් ගේ ස්ථාවරය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජයග්‍රහණය කරන කිසිවෙකුට තම තමන්ගේ අභිමතය අනුව වැඩ කිරීමට නොදෙන බව හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ පවසනවා.
තම පක්ෂය ජයග්‍රහණය කරනු ලබන ප්‍රාදේශීය සභාවල ප්‍රදේශයේ බුද්ධිමතුන්ගෙන් සමන්විත ජනසභා පිහිටුවා ඒ මගින් සංවර්ධන කටයුතු කිරීම සඳහා පියවර ගන්නා බවද වැඩිදුරටත් සදහන් කළා.
දූෂණය නැති කිරීම සඳහා තම පක්ෂය සදාචාරාත්මක වැඩ පිළිවෙලක් සකස් කරන බවත් අපි බලයේ සිටි අවධියේ අපෙන් වූ වැරදි හා අඩුපාඩුකම් පිළිබඳව අපිට නිසි අවබෝධයක් තිබෙන බවත් පෙන්වා දුන් මන්ත්‍රීවරයා එම අවබෝධයත් සමඟ අළුත් ගමනක් යන බවද කියා සිටියේය.
ගෝඨා දැන් ඩුබායිවල හෙට කොළඹට
ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට සිය ඥාති සොහොයුරා වන, උදයංග වීරතුංග හමුවීම පිණිස ඩුබායි රාජ්‍යය බලා ගොස් සිටියි. උදයංග හමුවීමෙන් අනතුරුව හෙට දිනයේ ඔහු කොළඹ බලා ඒමට නියමිත ය.
ගෝඨාගේ අනුගාමිකයන් ඔහු ව ලංකාවට පිළිගැනීම සඳහා විශාල පෙළපාලියක් සූදානම් කර ඇති බව ද නිල නොවන ආරංචි මාර්ගවලින් සනාථ වේ.
ඔහු එසේ මහත් හරසරින් පිළිගැනෙනු ඇත්තේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා වශයෙනි.