පළාත් පාලන මැතිවරණ පරාජයත් සමග මහමැතිවරණයක් වෙත යාම පිළිබඳ මේ වන විටත් සංවාදයක් පවතින නමුත්, වසර 2020 දක්වාම ආණ්ඩුව ගෙන යා හැකි බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළ බව, තහවුරු නොකළ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
අග්‍රමාත්‍යවරයාගේ අදහස වී තිබෙන්නේ 2015 ජනවාරි 8 වැනිදා ජනතාව ලබාදුන් ජන වරම, පළාත් පාලන මැතිවරණයේ අනපේක්ෂිත පරාජය හේතුවෙන් කණපිට හැරවිය නොහැකි බවයි.
මීට පෙර තහවුරු නොකළ ආරංචි මාර්ගවලින් වාර්තා වූ අන්දමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත අගමැති ධුරය පිරිනැමීමේ යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසිනි.
නමුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මහතා විසින් එම යෝජනාව එකහෙළා ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔහුගේ යෝජනාව වී තිබෙන්නේ වහාම මහ මැතිවරණයකට යා යුතු බවයි.