ඒකාබද්ධ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවක් ප්‍රකාශයට පත් කිරීමට දෙපාර්ශ්වයේම එකඟතාව හිමි වූ බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනවි පවසනවා.
ඈපා පංචාංග ලිත් කතෘ ඉන්දික ඈපා සෙනවිරත්න, තිරසර පංචාංග ලිත් කතෘ චමත් කොතලාවල සහ විකල්ප නැකත් කණ්ඩායමේ සාමාජිකයන් තමා සමඟ පැවති සාකච්ඡාවේදී මෙම අවසන් එකඟතාවට පැමිණ ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඒ අනුව, හෙට (17) දිනයේදී නැකැත් සීට්ටුව මුද්‍රණය කර, රාජ්‍ය නැකැත් සීට්ටුව ලෙස ජනතාවට එය ලබාදෙන බවද ඔහු ප්‍රකාශ කළා.
ඉදිරි වසරේදී මෙවැනි ගැටලුවක් ඇති නොවන ආකාරයෙන් කටයුතු කරන බවයි අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනවි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.