ඉන්දියාවට ගිය මන්ත්‍රී මරික්කාර් ඇතුළු පිරිස අලුත් වැඩකට සැරසෙති

ඉන්දියාවට ගිය මන්ත්‍රී මරික්කාර් ඇතුළු පිරිස අලුත් වැඩකට සැරසෙති

යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ නියෝජිතයින් පිරිස නිල ආරාධනයකට අනුව මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරතව සිටිති.

මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කරන්නේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් ය.

ඉන්දීය විදේශ ලේකම්වරයා හමුවූ මෙරට නියෝජිතයින් පිරිස, ඉන්දීය ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා දිරිගැන්වීම් සිදුකරන ලෙස  ඉල්ලීමක් කළ බව මරික්කාර් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ය.

මේ මොහොතේ මතුවී ඇති ආර්ථික අර්බුද හමුවේ ශ්‍රී ලංකාවට ඩොලර් ආදායම වැඩි කරගැනීමට ඉන්දීය ආයෝජකයින් හරහා ශ්‍රී ලංකාවට පහසුකම් සලසන ලෙසත් තමන් ඉල්ලා සිටි බව ඔහු අවධාරණය කළේ ය.

මෙම සංචාරයේ දී ඉන්දීය ලෝක් සභාවේ කතානායකවරයා ද හමුවූ මෙරට නියෝජිතයින් එහි දී ඉන්දීය පාර්ලිමේන්තුව සමඟ සබඳතා වර්ධනය කරලීම පිළිබඳවද අවධානය යොමු කර තිබුණි.

මීට අමතරව ඉන්දීය පාර්ලිමේන්තුවේ නිවාස හා නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ කාරක සභාවේත්, ප්‍රවාහන කටයුතු පිළිබඳ කාරක සභාවේත් නියෝජිතයින් හමුවූ අතර එහි දී ඵලදායී සාකච්ජා වට කිහිපයක නිරතවීමට හැකිවූ බව ද, යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් ප්‍රකාශ කර තිබුණි. 

 

smmari

 

 

newstube.lk 

Search