එළඹෙන මැයි දිනය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් සකස් කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
ඔහු කියා සිටියේ දිවයිනේ ප්‍රදේශ රැසක මැයි රැළි පවත්වන බවට තොරතුරු ලැබී ඇති බවයි.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැළි ,ජන රජයට ජන බලයක්, යන තේමාව යටතේ මෙවර පැවත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
දිවයිනම ආවරණය වන පරිදි දිස්ත්‍රික් මට්ටමින් එම මැයි රැලි මාලාව සංවිධාන කර තිබෙනවා.