මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 අස්ථානගතවීමේ සිද්ධිය පිළිබඳව මුල් පැමිණිල්ල ඉදිරිපත් කළ බව කියන මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්තගේ මරණය සම්බන්ධන් කරුණු හෙළි කිරීම පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ලබන 9 වැනිදා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා කුලියාපිටියේ පොලිසියට කැඳවා තිබේ.
රංග නිශාන්තගේ මරණය සම්බන්ධව ඔහුගේ බිරිඳ සැක පල කරමින් පොලීසියට පැමිණිලි කර ඇති බවට උදය ගම්මන්පිල මහතා පසුගියදා
මාධ්‍ය හමුවක් කැඳවමින් කරුණු අනාවරණය කළේය.
මේ සම්බන්ධව කරුණු දැක්වීමට සියලු සාක්ෂි ද රැගෙන කුලියාපිටිය පොලිසියට පැමිණෙන ලෙස තමාට දැනුම් දී ඇති බව උදය ගම්මන්පිල මහතා පවසයි.
රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ මරණය සැක සහිත බවට ඔහුගේ බිරිඳ කළ පැමිණිල්ල තහවුරු කෙරෙන නිල ලේඛන තමා සතුව පවතින බව ඒ මහතා සඳහන් කළේය.
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මැයි 01 වනදා විශේෂ පශ්චාත් මරණ පරීක්ෂණ කමිටුවක් පත් කරමින් නිකුත් කළ ලිපිය සාක්ෂි ලෙස ඉදිරිපත් කරන ගම්මන්පිල මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ අසත්‍ය බව වැඩිදුරටත් පෙන්වා දෙයි