එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරමින් පවතින විමර්ශනයට අදාලව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ගුවන් සේවා ඇමති ප්රියංකර ජයරත්න හා විලී ගමගේ නැමති අයගෙන් ප්රකාශ ලබා ගැනීම සඳහා ඔවුන් අල්ලස් කොමිසම වෙත කැඳවීමට පියවර ගෙන ඇති බව අල්ලස් කොමිසම අද (5) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම වෙත දන්වා තිබේ.
මෙම සිදුවීමට අදාල නඩුව අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදී විමර්ශන නිලධාරීහු මේ බව අධිකරණය හමුවේ සඳහන් කර තිබේ