ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (10) සහභාගී විය.
බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇති දේහයට ගෞරව දැක්වීමෙන් අනතුරුව, ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් අල්ලස් කොමිසම විසින් තමන් වෙත සිදුකර ඇති කැඳවීම පිළිබඳව ද අදහස් ප්‍රකාශ කළේය.
එහිදී සඳහන් කර සිටියේ අල්ලස් කොමිසමේ කැඳවීම අනුව මැයි 12 වනදා ඒ වෙත යන බවයි.
කපිල චන්ද්‍රසේනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු 5.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව ඇත