දශක 3ක කුරිරු යුද්ධය නිසා පීඩාවට පත් ජනතාව යුද ජයග්‍රහණයක් තුළින් මුදවා ගත් නිදහස් රටක් අපට ඇති බවත් මේ සුවිශේෂ දවසේ මේ යුද ජයග්‍රහණයට දේශපාලන නායකත්වය ලබා දුන් මහින්ද රාජපක්ෂ මහතාටත් යුදහමුදාපතිවරයා ලෙස නායකත්වය ලබා දුන් සරත් ෆොන්සේකා මහතා ඇතුළු ත්‍රිවිධ හමුදා පොලිසිය සහ සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයට විශේෂ ගරුත්වය පුදකරන බවත් ජීවිත ඇස් හිස්මස් ලේ දන් දී රටදැය බේරා ගැනීමට පවුල් දෙවැනි තැනට දමා රටට මුල්තැන ලබා දුන් වීරෝධාර රණවිරුවන්ට ගෞරවනීය උත්තමාචාරය පුද කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
යුද්ධය තුළින් දෙමාපියන් අහිමි වූ දරුවන් අද මේ මොහොත වන විට වැඩිහිටියන් තරුණයන් බවට පත් වුවත් එදා ඒ වේදනාව දරාගන්න බැරි කම්පනය දුක වටහා ගත හැකි බවත් මේ ත්‍රස්තවාදය නිසා තමාට ද පියා අහිමි වූ නිසා මේ වේදනාව තේරෙන බවත් රණවිරු පවුල්වල අදටත් මේ අසීමිත වේදනාවකින් පෙළෙන මේ ජනතාවගේ දුක ගැන අවබෝධයක් ඇති බවත් ඒ රණවිරු පවුල්වල සියලු දෙනා වෙනුවෙන් කණගාටුව පුදකරන බවත් රණවිරුවන් වන සියලු දෙනාම අභිමානයෙන් සිහිපත් කරන අතරතුරු නැවත වරක් එවැනි කුරිරු යුද්ධයක් ඇති නොවන්න වගබලා ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
යුද්ධය නිසා වින්දිතයන් වූ විවිධ ජන කොට්ඨාස අප රටේ ඇති බවත් මේ ජනතාවගේ ගැටලු හා ප්‍රශ්නවලට විසඳුම් දීම ජිනිවාවල නොව අප රටේම සිදුවිය යුතු බවත් ප්‍රතිසන්ධාන ව්‍යාපෘතියක් තුළින් සහෝදරත්වය සංහිදියාව වර්ධනය වන පරිසරයක් නිර්මාණය කරමින් මේ වින්දිතයන් බවට පත් වූ සියලු දෙනාගේ ප්‍රශ්න ගැටලු විසදිය යුතු බවත් රටේ ඒකීයභාවය ආදී ගැටලු විසදෙන්නේ මේ ජාතීන් ආගම් අතර සංහිදියාව ඇති වුවහොත් පමණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම රණවිරු පවුල්වලට ලබා දිය යුතු නිසි තැන ලබා දීමට රණවිරු අධිකාරිය හරහා පමණක් ඉටු කළ නොහැකි නිසා ඇමෙරිකාවේ මෙන් වෙනමම දෙපාර්තමේන්තුවක් සකස් කරමින් රණවිරු සුබසාධනය ක්‍රියාත්මක කළ යුතු බවත් කුරිරු ත්‍රස්තවාදී යුද්ධය නිසා රටේ සියලු ප්‍රදේශවල වින්දියන් බවට පත්වූ සියලු දෙනාට ප්‍රතිසන්ධානය සහෝදරත්වය හරහා රටේ ප්‍රශ්න රට තුළම විසදාගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.
https://youtu.be/XXd7o99FxXY?si=5A4n1ar2woprP7wm