ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (19) දිනයේ යළිත් පහළ අගයක් ගෙන තිබේ.
ඒ අනුව, මහ බැංකුව විසින් අද නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 328.2351ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල ලෙස රුපියල් 338.0729ක් ලෙස සටහන් වී ඇත.
ඊයේ (18) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 326.74ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 334.26ක් ලෙසත් සටහන් වී තිබුණි