හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ.
මාතර, බ්‍රවුන්ස්හිල් ප්‍රදේශයේ පිහිටි ඉඩමක් මිලදී ගැනීමේ චෝදනාවට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර බැසිල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට වසරකට වැඩි කාලයක සිට අමෙරිකා එක්සත් ජනපදයේ රැඳී සිටියි.
නඩුව නැවත කැඳවන අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණය විසින් පොලිසියට නියෝග කර ඇත