රටක් ලෙස අප අභියෝග ගණනාවකට මුහුණ දෙන බවත් ජන සමාජය තුළ ආර්ථික සමාජීය ලෙස ජන ජීවිතය පරිහානියට පත්වෙමින් සිටින බවත් දශලක්ෂ ගණන් ජනතාවට එදිනෙදා වේල් පිරිමහා ගත නොහැකිව දුප්පත්කම වර්ධනය වී ඇති බවත් කර්මාන්ත කඩා වැටීම ඉන්ධන හා විදුලි බිල වේගයෙන් ඉහළ ගොස් ඇති පසුබිමක රටක් ලෙස සියලු දෙනා එකට එකතු වී ආර්ථික අපහසුතා ඇති ජනතාවට සහන ලබා දී සුබසාධනය ක්‍රියාත්මක කර දුකට පත් ජනතාව සුවපත් කරන්නට සැවොම උනන්දු විය යුතු බවත් කරුණාවන්ත විය යුතු බවත් සුබසාධනයේ වරප්‍රසාද වරදාන නැතිබැරි ජනතාවට ලබා දීම අනිවාර්යෙන්ම ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ බෙල්ලන්විල රජමහා විහාරයේ වෙසක් කලාපය ආරම්භ කිරීම සඳහා එක්වූ අවස්ථාවේදීය.*
උතුම් වෙසක් තෙමඟුල ගෞරවයෙන් භක්තියෙන් බෞද්ධ අප සියලු දෙනා සමරණ මේ මොහොතේ සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරන්නට, ප්‍රවර්ධනය කරන්නට අපේ පැරණි ඉතිහාසය හා සංස්කෘතිය සුරකින්නට පුරවැසි සියලු දෙනාට විශේෂිත වගකීමක් ඇති බවත් උත්තරීතර නීතිය තුළ බුද්ධශාසනයට උත්තරීතර ස්ථානයක් ලැබෙන බවත් බුදුදහම ප්‍රවර්ධනය කිරීම සියලු දෙනාගේම යුතුකම හා වගකීම වී ඇති බවත් ඊට අමතරව සෙසු ආගම් හා ජන කොට්ඨාස සංස්කෘතීන් සුරක්ෂිත කරමින් ඒකීය මාතෘභූමියේ සෛරීත්වය හා භෞමික අඛණ්ඩතාව රැකගන්න සැවොම උනන්දු විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෙරට ජනතාව අමාරුකම් හා ජීවත් වීමේ අභියෝග මැද වෙසක් සමරන්න කටයුතු කරන බවත් මේ වෙසක් සැමරුම සාර්ථක කර ගැනීමට කටයුතු කිරීම ඉතාම වැදගත් බවත් බුදුරජාණන් වහන්සේ සැමදාම දේශනා කළ ධර්මය තුළ දන්දීම, සුබසාධනය, සංවර්ධනය, තමන්ට පෙර අනුන්ට සැලකීම, අභියෝග මැද අධිශ්ඨානශීලීව කටයුතු කිරීම යන ධර්මිශ්ඨ ගුණංග දේශනා කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
https://youtu.be/7Wcoyh6yr1Y?si=enpTPZnyFtOVPhwC