රජයේ ප්‍රධාන බැංකු දෙක පෞද්ගලීකරණය කිරීමට සැලසුම්

රජයේ ප්‍රධාන බැංකු දෙක පෞද්ගලීකරණය කිරීමට සැලසුම්


ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක වන මහජන බැංකුව සහ ලංකා බැංකුව කඩිනමින් පෞද්ගලීකරණය කිරීමට රජය සැලසුම් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අනාවරණය කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි දෝෂදර්ශනයට ලක් කරන කරුණානායක මහතා එහි අත්තනෝමතික ක්‍රියාකලාපය පිළිබඳ සොයා බැලීමට වහාම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බව අවධාරණය කළේය.

මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කළ රවී කරුණානායක මහතා තවදුරටත් කියා සිටියේ තේරීම් කාරක සභාව පත් කරන ලෙස ඉල්ලමින් කථානායකවරයාට ඉදිරිපත් කරන ලිපියට දැනටමත් මන්ත්‍රීවරු 40 ක්
පමණ අත්සන් තබා ඇතිබවයි.

උද්ගතව ඇති තත්ත්වය මත NDB ආයතනය සම්බන්ධයෙන් වහාම විධිමත් ක්‍රියාමාර්ගයක් ගත යුතු බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය

Search