හිරු නිව්ස් මාධ්‍ය සාදාචාරය බල්ලට දමයි අමු අමුවේ බොරු කියයි

රංගන ශිල්පී රයන් වැන්ඩන්ඩ්‍රස්ට්‍රායිගේ නිවස පරීක්ෂා කළ විශේෂ කාර්ය බළකාය ඔහුගේ සහෝදරයකු ද අත්අඩංගුවට ගෙන ඇත. සහෝදරයා අත්අඩංගුවට ගත්තේ කුඩා ඩිජිටල් තරාදියක් සහ රහස් සාක්කු සහිත කළු පැහැති ගමන්මල්ලක් එම නිවසේ තිබී හමුවූ නිසා බව පොලිසිය කියයි. 

පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය ඒකාබද්ධව මෙම මෙහෙයුම සිදු කර තිබේ.

 ගායක අමල් පෙරේරාගේ සහෝදරයකු ද අත්අඩංගුවට ගත් බව උණුසුම් පුවත් ඔස්සේ හිරු මාධ්‍ය වාර්තා විසින් වාර්තා කර  සිටි අතර කෙසේ වෙතත් ඔහුගේ සහෝදරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තද අත්අඩංගුවට නොගත් බව පොලිසියේ ප්‍රකාශකයෙක් පවසා ඇත.

මෙසේ පුද්ගල චරිතවලට හානි සිදූවන අයුරින් ප්‍රවෘත්ති වාර්තා කරණයේ නියැළෙන හිරු මාධ්‍ය ජාලය ඒ පිළිබඳ තමාගෙන් සමාව ඉල්ලීම ක් හෝ අදාළ පුවත නිවැරදි කිරීමක් සිදු නොකළ බවද අමල් පෙර්රාගේ සහෝදරයා විසින් වැඩිදුරටත් පවසා සිටියේය.