විප්ලවවාදී කියුබාවට පැමිණි ප්‍රථම බ්‍රිතාන්‍ය රාඡකීයයෝ

බි්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු හා කෝන්වෝල් හි ආදිපාදවරිය වන කැමලා ආර්යාව අද කියුබාවෙි හවානා නගරයේදී දිස්විය. ඒ සමාඡවාදී කියුබාවට පැමිණි ප්‍රථම බ්‍රිතාන්‍ය රාඡකීයයෝය. එබැවින් එය කියුබාවටත් ලෝකයටත් ඓතිහාසික වැදගත් කමක් ලබාදෙන සංචාරයකි. ධනවාදයේද, අධිරාඡ්‍යවාදයේද අග්‍ර රාඡණියවු හා ලෝකය තුල හිරු නොබසින අධිරාඡ්‍යයක් ගොඩනගා තිබූ මෙම රාඡකීයෝ රාඡකීයත්වය ප්‍රතික්ෂේප කරන කමිකරු රාඡ්‍යයකට ගොඩවැදීම අහමිබයක් නොවෙි.

ලෝකයට කොමියුනිස්ටි ක්‍රමය ප්‍රතික්ෂේප කර තවදුරටත් ඉදිරියට ‍යාමට නොහැකිවාක් මෙනි ඔවුන් හා අත්වැල් බැදගතයුතුවාක් මෙනි . මෙි මොහොත වනවිට කියුබාව හා එක්සත් ජනපදය අතර රාජ්ය තාන්ත්රික සබඳතා වඩාත් නරක අතට හැරී ඇති අවස්ථාවක ඔවුන්ගේ සංචාරය කියුබාවට අතිශය වැදගත්ය.

කියුබාව හා චාල්ස් කුමරු අතර තානාපතියාද සබදතාවය රකින්නාද වන්නේ ලෝක ප්‍රකට ඇමෙරිකා එක්සත් ඡනපද ගායක ලයනල් රිචීය.


හවානා නගරයට පැමිණි චාල්ස් කුමරු හා කැමලා ආර්යාව ප්‍රථමයෙන් කලේ හවානා නුවර විප්ලවීය චතුරශ්‍රයේ පිහිටා ඇති කියුබාවෙි ඡාතික වීරයා වු ඡෝසේ මාටි ‍ස්මාරකය වෙත මල් කළඹක් තබා ඔහුට ගෞරව දැක්වීමයි. ඡෝසේ මාටි කවියෙක් , රචකයෙක් , විප්ලවාදී චින්තකයෙක් මෙන්ම දේශපාලන න්‍යායාචර්යවරයෙක්ද වන්නේය. ඔහු කියුබාව යටත් කර සිටි ස්පාඤ්ඤ අධිරාඡ්‍යවාදයට එරෙහිව ඡනතාව පෙළගැස්සු මිනිසා විය. ඔහු ස්පාඤ්ඤයට එරෙහිව1895 දී ඩොස් රියෝස්හි සටනේ දී මිය ගියේය. පිදෙල් කැස්ත්‍රෝගේ අධ්‍යාත්මික නයකයා වන්නේද ඡෝසේ මාටිය. 


Eva Maria Diaz නැමති කියුබානු ලේඛිකාව හා භාෂා පරිවර්තිකාව පුරා පැයක් තිස්සේ චාල්ස් කුමරුට පවසා ඇත්තේ පිදෙල් කැස්ත්‍රෝ ගැන හෝ රාවුල් කැස්ත්‍රෝ ගැන නොවෙි. ඡෝසේ මාටි ගැනය.