සමලිංගික සේවනය "අපරාධයක් නොවේ" යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් දෙමින්, තවදුරටත් සමලිංගිකත්වය එරට සාපරාධී වරදක් නොවන බව බ්‍රහස්පතින්දා (සැප් 06) ප්‍රකාශයට පත් කළේය.

සමලිංගික සේවනය "ස්වභාවික නොවන වරදක්" ලෙස හඳුන්වා දෙමින්, 377 වෙනි වගන්තිය ලෙස හැඳින්වෙන යටත්විජිත සමයේ නීතිය ස්ථිර කරමින් 2013 වසරේ දී තිබූ තීන්දුවක් මින් වෙනස් කෙරේ.

මෙම සමලිංගික සේවනය, 'සාපරාධී වරදක්' බවට දැක්වූ ලොව පැරණිතම නීතියක් වන අතර එය වෙනස් කිරීමට ඉන්දියාව මැලිකමක් දක්වා තිබිණි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු දීපක් මිශ්‍රා සඳහන් කළේ "සංවාසය අපරාධයක් බවට පත්කිරීම අහේතුක වන අතර, අත්තනෝමතික මෙන්ම පැහැදිලිව ම ව්‍යවස්ථා විරෝධී," බවය.

අධිකරණයෙන් පිටත රැදී සිටි ක්‍රියාකාරීහු, ප්‍රකාශයට පත් කළ තීන්දුව සතුටින් සැමරූහ.