ඉරාන සිවිල් වැසියන් 1,000කට අධික පිරිසක් මිය ගිහින් - අවුරුදු 10ට අඩු ළමයි 181ක් ඒ අතර

ඉරාන සිවිල් වැසියන් 1,000කට අධික පිරිසක් මිය ගිහින් - අවුරුදු 10ට අඩු ළමයි 181ක් ඒ අතර

ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කර අදට (04) දින 5ක් ගතව ඇති අතර, පසුගිය 28 වන දා සිට අද දිනය දක්වා වූ කාලසීමාව තුළ ඉරානයේ සිවිල් වැසියන් 1,097ක් ඝාතනයට ලක්ව ඇතැයි අමෙරිකාව පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රවෘත්ති ඒජන්සිය (HRANA) පවසයි.  


ඉන් 181 දෙනෙකු වයස අවුරුදු 10ට අඩු ළමුන් බව එම ආයතනය පවසයි. සිවිල් වැසියන් තුවාල ලැබූ සංඛ්‍යාව 5,402 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 100 දෙනෙකු ළමුන් බව HRANA ඒජන්සිය වැඩිදුරටත් සඳහන් කර ඇත.

පසුගිය පැය 24 තුළ පමණක් අවම වශයෙන් ප්‍රහාර 104ක් සිදුවී ඇති බව එහි සඳහන් වේ.

ඔවුන් හමුදා කඳවුරු, වෛද්‍ය මධ්‍යස්ථාන සහ නේවාසික ප්‍රදේශවලට පහර දී ඇති බව එම ආයතනය තවදුරටත් පවසයි.

තවත් වාර්තා වූ සිය ගණනක් මරණ පිළිබඳව සමාලෝචනය කරමින් පවතින බවද අදාළ ආයතනය සඳහන් කරයි.

 
 

Search