ජපානයේ හොක්කයිඩෝ දූපතේ ඒකක 6.1ක භූ කම්පනයක්

ජපානයේ හොක්කයිඩෝ දූපතේ ඒකක 6.1ක භූ කම්පනයක්

ජපානයේ හොක්කයිඩෝ දූපතේ අද (31) පස්වරුවේ රික්ටර් මාපකයේ 6.1 ක භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කර ඇත්තේ එම භූකම්පනය කිලෝමීටර 20 (සැතපුම් 12) ක් ගැඹුරට සිදු වූ බවයි.

 

භූමිකම්පාවේ අපිකේන්ද්‍රය හොක්කයිඩෝ හි නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ අතර, කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවත් විදෙස් මාධ්‍ය නිකුත් කළ වාර්තාවේ සඳහන්.