ඉරාකයේ සාප්පු සංකීර්ණයක ගින්නකින් 60ක් මරුට

ඉරාකයේ සාප්පු සංකීර්ණයක ගින්නකින් 60ක් මරුට

block

ඉරාකයේ සාප්පු සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 60දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ.

නැගෙනහිර ඉරාකයේ පිහිටි අල්-කුට් නගරයේ සාප්පු සංකීර්ණයක මෙම දැවැන්ත ගින්න ඇති වී ඇති ඇතිව තිබු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගිනි නිවන භටයින් ගින්න මැඩපැවැත්වීමට උත්සාහ කරන බව වාර්තා වේ.

පිළිස්සුණු සිරුරු 14 ක් තවමත් හඳුනාගෙන නොමැත.

මෙම සිද්ධියත් සමඟ ඉරාකයේ දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

එසේම අදාළ සාප්පු සංකීර්ණයේ හිමිකරුට එරෙහිව නීතිමය පියවර ගැනීඹට නියමිතය.

Search