සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් වියට්නාමයේ 28ක් ජීවිතක්ෂයට

සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් වියට්නාමයේ 28ක් ජීවිතක්ෂයට

වියට්නාමයේ  සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයින් විසිඅට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අධික වර්ෂාවත් සමඟ 48 දෙනෙකු පමණ ගමන්ගත් සංචාරක බෝට්ටුවක් මෙසේ පෙරළී ගොස් තිබෙනවා.

එරට තුළ පිහිටි දැඩි සංචාරක ආකර්ෂණයක් දිනාගෙන ඇති ස්ථානයක් වන හැලොන්ග් බොක්ක ආසන්නයේ සිදුවූ මෙම අනතුරෙන් තවත් 14 දෙනෙකු අතුරුදන් වී අති බවයි වාර්තා වෙන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුවේ රැඳී සිටි බොහෝ දෙනෙකු හැනෝයි සිට පැමිණි වියට්නාම ජාතිකයන් බවද සඳහන් වෙනවා.

Search