යුක්රේනය සහ රුසියාව අතර එළැඹෙන බදාදා ඉස්තාන්බුල්හිදී සාම සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවට යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විසින් සිදුකළ ප්‍රකාශයක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
තමන් ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානීවරයා සමඟ සිරකරුවන් හුවමාරුවක් සඳහා වන සූදානම සහ රුසියානු පාර්ශ්වය සමඟ තුර්කියේදී තවත් රැස්වීමක් පිළිබඳව සාකච්ඡා කළ බව යුක්රේන ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.
දෙරට අතර පවතින යුද ගැටුම් සම්බන්ධව දින 50ක් ඇතුළත රුසියාව සහ යුක්රේනය අතර සටන් විරාමයක් නොමැති නම් එක්සත් ජනපදය විසින් රුසියාවට දැඩි සම්බාධක පනවන බව අමෙරිකානු ජනාධිපතිවරයාද පසුගියදා පැවසුවේ ය.
එමෙන්ම රුසියාව යුක්රේනයට එරෙහිව සිදුකරන ප්‍රහාර දැඩි කිරීමෙන් අනතුරුව යුක්රේන හමුදාවට නව ආයුධ ලබා දෙන බවටද එක්සත් ජනපදය පියවර ගෙන තිබේ