ගාසා තීරයේ සිවිල් වැසියෝ 33ක් මන්ද­පෝ­ෂ­ණ­යෙන් මිය යති -දරු­වන් 12ක් ඒ අතර

ගාසා තීරයේ සිවිල් වැසියෝ 33ක් මන්ද­පෝ­ෂ­ණ­යෙන් මිය යති -දරු­වන් 12ක් ඒ අතර

ගතවූ අව­සන් පැය 48 ඇතු­ළත දරු­වන් 12 දෙනකු ඇතුළු පුද්ග­ල­යන් 33 දෙනකු මන්ද­පෝ­ෂ­ණ­යෙන් මිය ගිය බව ගාසා තීරයේ සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය නිවේ­ද­නය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ ඛේද­ජ­නක පුවත වාර්තා වී ඇත්තේ ගාසා තීරයේ වැසි­යන්ට ජීව­ත්වී­මට ලැබුණු අව­සන් අව­ස්ථා­වත් බිඳ වැටෙ­මින් පව­තින බවට එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ මහ­ලේ­කම් ඇන්ටෝ­නියෝ ගුටා­රෙස් කළ අන­තුරු ඇඟ­වී­මට පසුව බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. වසර 2023 දී ගාසා යුද ගැටුම් ආරම්භ විමෙන් පසු මේ දක්වා මන්ද­පෝ­ෂ­ණය හේතු­වෙන් මිය ගිය සිවිල් වැසි­යන්ගේ සංඛ්‍යාව 101ක් වන බවත්, ඊට දරු­වන් 80 දෙනකු ඇතු­ළත් වන බවත් සඳ­හන් වේ.

ගාසා තීරයේ මානු­ෂීය ආධාර අව­හිර කිරී­මට ඊශ්‍රා­යල හමු­දාව පිය­වර ගැනී­මෙන් පසු බලපා ඇති දරුණු ඉන්ධන හිඟය හේතු­වෙන් රෝහල් ගණ­නා­වක් වසා දැමීමේ අව­දා­න­මක් ද මතුවී ඇති අතර, ඉන්ධන හිඟය හේතු­වෙන් රෝහල් ගණ­නා­වක ක්‍රියා­කා­රි­ත්ව­යට බාධා එල්ල වී ඇති බැවින් සායන හා සෞඛ්‍ය මධ්‍ය­ස්ථාන 6ක් ඊයේ වසා දැමී­මට සිදුවූ බව ගාසා සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි

Search