නිකොබාර් සහ අන්දමන් දූපත් ආසන්නයේ අද උදෑසන 5.18 ට පමණ රික්ටර් මාපක 6.6ක භූ කම්පනයක් සිදුව තිබේ.
ඉන්දියානු සාගරයේ ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් කිලෝමීටර් 258 ක් දුරින් මෙම භූකම්පනය සිදවු ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් දීපානි වීරකෝන් පවසයි.
මෙම භූකම්පනයෙන් ඉන්දියන් සාගරය තුළ සුනාමි අවධානමක් නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.