වියදම් ශීර්ෂය සම්මත කරගැනීමට නොහැකි වී ඇමරිකානු රාජ්‍ය සේවය වසා දමයි

වියදම් ශීර්ෂය සම්මත කරගැනීමට නොහැකි වී ඇමරිකානු රාජ්‍ය සේවය වසා දමයි

රජයේ වියදම් ශීර්ෂ බිල්පත සඳහා ඇමරිකානු රජයට සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය ලබා ගත නොහැකි වීම හේතුවෙන් ඇමරිකානු රාජ්‍ය සේවය වසා දැමීමට පියවර ගෙන තිබේ. ඉකුත් 2018 වසර අවසානයේදී ඇමරිකානු රාජ්‍ය සේවය වසා දැමීමෙන් පසු එම සේවය වසා දැමූ ප්‍රථම අවස්ථාව මෙය සේ සැලකෙන අතර ඒ යටතේ අත්‍යවශ්‍ය රජයේ සේවකයන් පමණක් සාමාන්‍ය පරිදි සිය රාජකාරි කටයුතුවල නිරත වනු ඇති බවත් ඔවුන්ගෙන් ඇතැමකු වැටුප් රහිතව සේවය කරන අතර සෙසු රජයේ සේවකයන් වැටුප් රහිතව නිවාඩු යවා ඇති බව ඇමරිකානු බලධාරීහු පවසති.

මේ අනුව ඇමරිකානු රාජ්‍ය සේවාව තාවකාලිකව වසා දැමීම හේතුවෙන් එරට රජයේ සේවකයන්ගෙන් සියයට 40ක් පමණ එනම් අට ලක්ෂයකට අධික පිරිසක් වැටුප් රහිත නිවාඩු යවා ඇති බව වාර්තා වී තිබේ. ඇමරිකානු සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය සතුව පැවතිය ද එම පක්ෂයට වියදම් ශීර්ෂය සම්මත

කරගැනීම සඳහා අවශ්‍ය මන්ත්‍රීවරුන් 60කගේ බහුතර බලය නොමැති වීම හේතුවෙන් එම ශීර්ෂය බහුතර ඡන්දයෙන් සම්මත කරගැනීමට නොහැකි වී තිබේ. මේ අතර මෙම රාජ්‍ය සේවය වසා දැමීම දිගු කාලයක් පැවතියහොත් රජයේ සේවකයන්ගේ දැවැන්ත කප්පාදුවක් සිදුකරන බවට ඇමරිකානු ජනාධිපතිවරයා විසින් තර්ජනය කර ඇති බවද වාර්තා වේ

Search