සරත් ෆොන්සේකා තුළ තවමත් යුද අපරාධ නැඹුරුවක් | Ajith Parakum

සරත් ෆොන්සේකා තුළ තවමත් යුද අපරාධ නැඹුරුවක් | Ajith Parakum

සරත් ෆොන්සේකා මේ කියන කතාව අනුව, ගෝඨාභය රාජපක්ෂ කටයුතු කර තිබෙන ආකාරය රාජ්‍ය තාන්ත්‍රිකය. එසේම, දේශප්‍රේමීය. නීත්‍යානුකූලය.

 

යුද නීතිය අනුව, යටත් වන්නට කැමති පුද්ගලයන්ට යටත් වන්නට ක්‍රමයක් සම්පාදනය කිරීම ඉතාම නිවැරදිය. තුන්වන පාර්ශ්වයකට නොව, හමුදාවට යටත් වන්නැයි කීම දේශප්‍රේමීය. යටත් වන පුද්ගලයන් මරා දමන්නට බැරිය. ඔවුන් සම්බන්ධයෙන් නීති මගින් කටයුතු කරන්නට සිදු වේ.



සරත් ෆොන්සේකා කී පරිද්දෙන් ප්‍රභාකරන් මහඇමති කරන්නට බැරිය. යටත් වී අත්අඩංගුවට පත්වන ඔහුට එරෙහිව ඒ වන විටත් අධිකරණයෙන් දඬුවම් කර තිබිණි. ඒ දඬුවමට ඔහු වහා සිරගත කරන්නට සිදු වේ.



සරත් ෆොන්සේකා මෙම ප්‍රකාශය සිදුකරන මානසිකත්වය අනුව, ඔහු තුළ තවමත් යුද අපරාධ නැඹුරුවක් ඇති බව පෙනේ.

AJITH PARAKUM(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
Creative Content Consultants

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Search