ඉස්සරහ පේළියේ ඉන්න මේ සෙට් එක පාස්කු ප්‍රහාරය නම් සිද්ධිය එක තැනකින් පස්සේ නවත්වනවා. ඒ තමයි සහරාන් හෂීම් කියන පුද්ගලයා මේ සියල්ල මෙහෙයවූවා කියන තැනින්.
ඒ කියන්නේ අදහස සැලසුම සහ සැලසුම ක්‍රියාත්මක කිරීම කියන කරුණු තුනම මියගිය සහරාන්ගෙන් නවත්වල අපිටත් කියනවා එතැනින් පස්සේ සිතීම නතර කරන්න කියල. ඇත්තටම අපිට (මට) කරන්න බැරිම දේත් ඒක.
මම වැරදි වෙන්න පුළුවන්. හැබැයි මගේ හිත කියනවා සහරාන් හෂීම්ගෙන් ඔබ්බට මේ සිද්දිය යන්න පුළුවන් කියල. එහෙම හිතෙන්නේ ඒ සියලු දේවල් වෙච්ච විදිය ගැන සිතාබලන කොට. ඒක හරියන්නත් පුළුවන්. වරදින්නත් පුළුවන්. ඔප්පු වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්.

ඒක හරියට තජුඩීන් බීල එළවල හැප්පිලා ගිණිගෙන මැරුණා කියල හිතන්න හිත නොදෙනවා වගේ දෙයක්. නමුත් සමහරු කැමතියි එහෙම අපි හිතල ඉන් ඔබ්බට නොසිතා නිකම් ඉන්නවා නම්.
නමුත් එහෙම යම් සීමාවක් ඇතුලේ හිතන්න සහ ඉන් පස්සේ හිතීම නවත්වන්න කියල ඒ වෙනුවෙන් පොත් ලියන මේ සෙට් එක මේ මොළ ගෙඩි උඩ ඉඳගෙන ඉන්නේ පාස්කු මඟුලක් නිසා නෙවෙයි කියල සිතීම නතර කරන්න හිතෙන්නේ නැති මගේ හිතට හිතෙනවා.
මේ ඉස්සරහ පේලියේ ඔක්කොම වගේ එක දවසක් හරි මේ ලංකාවේ බලයේ හිටිය. හැබැයි මොන පාස්කුවක් ගැනවත් හෙව්වේ නැහැ. ඒ නිසා මම හිතන්නේ නැහැ මෙයාල බලයට ආවත් මින් පස්සේ ඒ ගැන හොයයි කියලත්.

මේ ඉන්නේ පාස්කු නිසා නෙවෙයි. මෙයාලට දැන් දැනිල තියනවා අනුරගේ මේ මෙලෝ රහක් නැති ආණ්ඩුව එළඹෙන යම් මොහොතක කුල්ල කුජීත වෙන්න නියමිතයි කියල. හැබැයි තනියම ගන්නත් බැහැ. ඒ නිසා පොදුවේ එකතුවෙමින් ඉන්නවා.
දැන් මෙතන නැත්තේ කවුද? ඉන්නම ඕනි කෙනෙක් නැහැ. ඒ තමයි අර උස හීන්දෑරි ජාතික ඇඳුම අඳින මහත්තයා. මේ දවස්වල විද්‍යාත්මක විදියට විදුලි - ගල්අඟුරු ප්‍රශ්නේ ගැන දේශනා තියනවා. ඒ නිසා මේවයේ කරක්ගහන්න වෙලාව නැහැ.

මේ නැති කෙනා එක වෙලාවක එළියට එයි. විපක්ෂයේ පොදු අපේක්ෂකයා විදියට. මේ එන්නේ එතැනට....
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
theleader.lk