දිලිත් ජයවීර විසින් කරනු ලබන්නේ රටෙහි පවතින සැබෑ ප්‍රශ්න සංස්කෘතික සහ ආගමික ප්‍රශ්න බවට පත්කිරීම යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
වර්තමානයේ දී මාධ්‍ය මෙන් ම මාධ්‍යකරුවන් නොමැති බව හෙතෙම අවධාරණය කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ වර්තමානයේ බොහෝ මාධ්‍ය ආයතනවල සේවයේ නිරතව සිටින්නේ සැබෑ මාධ්‍යකරුවන් නොව අදාළ ආයතනයේ ප්‍රොපගැන්ඩාව වෙනුවෙන් ශ්‍රමය වගුරන ශ්‍රමිකයින් බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත