කාන්තාවන්ට, ළමයින්ට එරෙහි සයිබර් ලිංගික අපරාධ 300% කින් ඉහල ගිහින්

පසුගිය වසරේ මුලදී ශ්‍රී ලංකාවේ ආරම්භ වූ වසංගත කාලය තුළ කාන්තාවන්ට හා ළමයින්ට එරෙහි සයිබර් ලිංගික අපරාධ 300% කින් ඉහළ ගොස් ඇති බව

ළමා හා කාන්තා අයිතිවාසිකම් සංවිධාන ඊයේ (12) ප්‍රකාශ කළා.

කාන්තා දේශපාලන ඇකඩමිය, ලංකාවේ මව්වරුන් සහ දියණියෝ, ශ්‍රම ශක්ති සහ කාන්තා සංවර්ධන භාරය ඇතුළු ළමා හා කාන්තා සංවිධාන ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම තත්ත්වය හෙළි කළ අතර නව නීති, නිසි නියාමන ආයතන තුළින් තවත් ප්‍රමාද නොකර කාන්තාවන්ට හා ළමයින්ට සාධාරණය ඉටු කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියා.

කාන්තා සංවර්ධන භාරයේ සංවිධායක බණ්ඩාර මැණිකේ මහත්මිය මෙහි දී පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ වසංගත කාලය තුළ කාන්තාවන්ට හා ළමයින්ට එරෙහි සයිබර් ලිංගික අපරාධ 300% කින් ඉහළ ගොස් ඇති බවයි.

මෙම කාලය තුළ පොදුවේ කාන්තාවන්ට හිරිහැර කිරීමේ සිද්ධීන් 30% කින් ඉහළ ගොස් ඇති බව ඇය පැවසුවාය.

කොවිඩ්-19 වසංගතය සමඟ Zoom ඔස්සේ ඉගැන්වීම් ආරම්භ වීමත් සමඟ පාසල් ළමුන් මාර්ගගත (Online) ලිංගික හිරිහැරවලට ගොදුරු වීම මෙසේ වැඩිවී ඇති බව ඔවුන් මෙහිදී සදහන් කළා.

ගෘහස්ථ හිංසනය ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි මෙම සංවිධාන පෙන්වා දී තිබේ.

News 19