පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් විශේෂ ප්‍රක්ෂයක් කරමින් හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද අදහස් දක්වනු ලැබුවා.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට යාම සම්බන්ධයෙන් හා රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම පිළිබඳව අදහස් පලකරනු ලැබුවා.
එයට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය සරත් වීරසේකර පිළිතුරු ලබාදුන්නා.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ “කොහෙද යන්නේ මල්ලේ පොල්” යනුවෙනි.
තමන් කරුණු සහ දත්ත ඉදිරිපත් කර ඇති බවත් ඕනෑම කෙනෙකුට ඒ සම්බන්ධයෙන් පරික්ෂණයක් කළහැකි බවත් ඒ මහතා කියා සිටියා.
News Hub