තෙල් ඇමති කටට එන කතා කියලා ලස්සන හිනාවකින් ඒක වහගන්නවා : ජනතාව රැවටීම දැන්වත් නවත්තන්න (VIDEO)

ආතල් ගන්න සංස්කෘතියේ හිඳ රටේ ජනතාව රවට්ටන එක දැන්වත් නවතා දමන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

ඉහල ගිය ඉන්ධන මිල ගැන අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ බලශක්ති අමාත්‍යවරයා කටට එන කතා කියමින් ලස්සන හිනාවකින් ඒවා වහගන්න බවත් ජනතාව දැන් ඒවා විශ්වාස නොකරන බවත් ය.