මම සූදානම් : විපක්ෂයේ කලබලවීම සාධාරණයි - කබ්රාල් කියයි

මහ බැංකුවේ මූලික පරමාර්ථ ඉටුකරන අතර රටේ දීර්ඝකාලීන ගමන් මඟ සඳහා මැදිහත්වීමට කටයුතු කරන බව අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

 

ඔහු මේ බව සඳහන් කළේ අද (13) සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කෙසේවෙතත් තමන් යළි මහ බැංකුවට පිවිසීම සම්බන්ධයෙන් කලබල වී සිටින්නේ එහි නව වෙනසක් සිදුවන බව ඔවුන් දන්නා නිසා බවද ඔහු කියා සිටියේය.

තමන්ට මහ බැංකු අධිපති ධූරය යළි භාරගන්නා ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීම ඉතසිතින් භාරගත්තේ රට වෙනුවෙන් බවද කබ්රාල් මහතා සඳහන් කරන ලදී.