මනුෂට පොලිස් ඇමතිගේ වැඩ ගැන සැකයක්

 

නිෂ්චිත විමර්ශනයක් පිළිබද නොදන්වා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින්නැයි තමන් වෙත කර ඇති දැනුම්දීමක් හේතුවෙන් තම

පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවී ඇති බැවින් ඒ පිළිබද පරික්ෂණයක් පවත්වන ලෙස සමගි ජන බලවේගයේ මන්ත්‍රි මනූෂ නානායක්කාර අද පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළා.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක වෝහාරික අංශයෙන් මෙම කැදවීම කර ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ එම දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාර ස්ථානාධිපතිවරයා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව වෙත කැඳවන ලෙසත් ඔවුන්ගේ ක්‍රියාව හේතුවෙන් තම වරප්‍රසාද කඩවී ඇති බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් මනූෂ නානායක්කාර කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

Search