යහපාලන රජය සමයේදී ඉතා අධික මිලට ඖෂධ මිලදී ගනිමින් ඖෂධ මාෆියාවට අවශ්‍ය පරිදි කටයුතු කළ බවට අමාත්‍ය චන්න ජයසුමන ඊයේ (21)
පාර්ලිමේන්තුවේදී කළ චෝදනාව අමූලික බොරුවක් බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අද (22) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ය.
ඖෂධ ලැයිස්තුවක්ද සභාවට ඉදිරිපත් කළ මන්ත්‍රී රාජිත සේනාරත්න, අමාත්‍ය චන්න ජයසුමන ඉදිරිපත් කළ ලැයිස්තුවේ සඳහන් වූ ඖෂධ එකින් එක ගනිමින් යහපාලන රජය සමයේදී සහ වර්තමානයේදී රජයට මිලදී ගන්නා මිල ගණන් සංසන්දය කරමින් ඒ බව ප්‍රකාශ කළේ ය.
එහිදී ඔහු පෙන්වා දුන්නේ ඇතැම් ඖෂධ දස දහස් ගණනින් වැඩි මිලට මිලදීගෙන ඇති බවයි.
යහපාලන රජය සමයේදී ඖෂධ වර්ග 48 ක මිල ඉතා විශාල ලෙස අඩු කිරීමට කටයුතු කළ බවත් ඒ හරහා වසරකට බිලියන 4.4 ක් හෙවත් කෝටි 440 ක ලාභයක් ලැබුණු බවත් හිටපු සෞඛ්‍ය ඇමතිවරයා පවසනවා.
චන්න ජයසුමන අමාත්‍යවරයාගේ ලැයිස්තුවේ සඳහන් මිල ගණන් කිසිවක් යහපාලන රජය සමයේදී මිලදී ගත් මිල ගණන් නොවන බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.