ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වය නැවත සිද්ධ වෙන්න දෙන්නේ නැහැ’ යන සහතිකය ජනාධිපතිවරයා විසින් ලෝකය ඉදිරියේ දුන් ආකාරයට එය රට තුළ
භාවිතාවෙන් ඔප්පු කළ යුතුව ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.
ජනාධිපතිවරයා නිව්යෝර්ක්හිදී කළ කථාව සහ සමහර අයව පාවිච්චි කර රට තුළ කරන ප්‍රකාශවල සම්පූර්ණ පරස්පරයක් තිබෙන බවයි අද (23) ජවිපෙ පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා සඳහන් කළේ.
''එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල සැසිවාරයේදී ‘ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වය නැවත සිද්ධ වෙන්න දෙන්නේ නැහැ’ කියන සහතිකය ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයාම ලබාදීම සම්බන්ධයනේ අපි සතුටු වෙනවා. ශ්‍රී ලංකාවේ ජනතාවට බියෙන් සැකෙන් තොරව ජිවත් වීමට හැකි තත්වයක් පිළිබඳ බලාපොරොත්තුව ඔහු විසින්ම ලබාදීම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. නමුත් නිවැරදිව පරීක්‍ෂණ කරලා වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමෙන් පමණයි නැවත මෙවැනි දෙයක් ඇතිවීම වළක්වා ගත හැක්කේ. ඒ නිසා තමන්ගේ බැරිකම වහගන්න වැහි කාලෙදී අකුණු වදින අවස්ථාවේ යකඩ කෑලි එළියට දානවා වගේ කාදිනල්තුමාට හෝ වෙනත් අයට විවේචන එල්ල කරලා වැඩක් නැහැ. ජාතිවාදය අවුස්සන කොටස් එළියට දානවා වෙනුවට මීට අදාළ පරීක්‍ෂණය නිවැරදිව කරන්න අපි බල කරනවා.
ලෝකය ඉදිරියේ ජනාධිපතිතුමා ඒ සහතිකය දෙනවා නම් රට තුළ එය භාවිතාවෙන් ඔප්පු කළ යුතුයි. ආගමික සංහිඳියාව, ජාතික සංහිඳියාව තුළින් ඉස්සරහට යන්න ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී කියන අතරතුර ආණ්ඩුව වෙනුවෙන් පරණ යකඩ කෑලි එළියට දාලා තියෙනවා. ඔවුන් ජාතික සහ ආගමික සංහිඳියාවට බාධාකාරී ප්‍රකාශ කරනවා. නිව්යෝර්ක්වල කථාව සහ සමහර අයව පාවිච්චි කරලා රට තුළ කරන ප්‍රකාශවල සම්පූර්ණ පරස්පරයක් තියෙන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ දුන් සහතිකවීම් යථාර්ථයක් බවට පත්කරන්න රට තුළ ක්‍රියාමාර්ග ගත යුතුයි. රට තුළ ජාතිවාදී කණ්ඩායම් අවුස්සා ප්‍රශ්නය වෙන පැත්තකට තල්ලු කරනවා වෙනුවට සැබෑවටම මෙය මෙහෙයවූ අය කවුද, ඔවුන්ගේ අරමුණ මොකක්ද කියන පරීක්‍ෂණ පවත්වා චූදිතයන්ට නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගත යුතුයි. මෙයට සාධාරණය ඉටු කළ හැක්කේ ඒ තුළින් පමණයි. පාස්කු ප්‍රහාරයට වසර දෙකයි මාස පහක් සම්පූර්ණ වන අවස්ථාවේ නැවත මෙවැනි දෙයක් ඇති නොවී ජාතික සංහිඳියාව ඇති කිරීමට ඉඩ නොතබන ලෙස අපි ආණ්ඩුවට බල කරනවා. කතෝලික ජනතාවගේ බලාපොරොත්තු බිඳ දමා ප්‍රකෝපකාරී ප්‍රකාශ සිදුකර ගැටුම් ඇති නොකරන ලෙසටත් අපි ආණ්ඩුවට බල කරනවා. වින්දිතයන්ට යුක්තිය ඉටුකර සාධාරණත්වය ලබාදෙන ලෙසට අපි ආණ්ඩුවට බලපෑම් කරනවා.''