ලොව කොතැනක හෝ මුදල් විශුද්ධිකරණ සිදුවීම් සම්බන්ධයෙන් නිකුත් වෙන වාර්තාවක ශ්‍රී ලංකාවේ දේශපාලකයෝ හෝ ඔවුන්ගේ අනුග්‍රාහකත්වය ලැබූ
අයගේ නම් ඇතුලත් වීම සුලබ දෙයක් බවට පත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
වොෂින්ටනය මුලස්ථාන කොටගත් ICIJ නමින් ප්‍රකට ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සමූහය (International Consortium of Investigative Journalists) විසින් රටවල් 90ක රාජ්‍ය නායකයන්, ලෝකයේ බලවතුන් හා පෝසතුන් තුන්සියයකට අධික පිරිසකගේ මුල්‍ය ගනුදෙනු අනාවරණය කළ, පැන්ඩෝරා පත්‍රිකා (Pandora Papers) ගැන අදහස් දක්වමින් ඔහු අද (4) මේ බව කියා සිටියේ ය.
ඔහුගේ කතාව පහතින්,