ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පැවරීම සම්බන්ධයෙන් අද (6) දින පාර්ලිමේන්තුවේ දී ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර උණුසුම් සංවාදයක්
ඇතිවිය.
පසුගිය ආණ්ඩු සමයේ දී එම තෙල් ටැංකි සියල්ලම ඉන්දියාවට පවරා දී ඇති බව අමාත්‍ය උදයගම්මන්පිල එහිදී ප්‍රකාශ කර සිටි අතර ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, මනුෂ නානායක්කාර ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් එය එසේ නොවන බව කරුණු පහදමින් දැඩි විරෝධයක් එල්ල කරන ලදී.