වැලිකඩ සහ අනුරාධපුර යන බන්ධනාගාරවල සිදුවීමට අදාලව ස්වාධින පරීක්ෂණයක් පැවැත්වෙන බැවින්
පරීක්ෂණ කටයුතු අවසන් වූ විට මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසනවා.
අද දිනයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවේ ඔහු මාධ්‍ය හමුවේ මේ බව කියා සිටියේ ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වී ඇති පැමිණිල්ල අනුව තවත් පුද්ගලයන් සමග බීමතින් වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වීම හා එහි නියාමකවරුන්ට තර්ජන කිරීම, අනුරාධපුර බන්ධනාගාරයට බීමතින් පිස්තෝලයක් රැගෙන ගොස් බලහත්කාරයෙන් ඇතුළුවීම සහ සිරකරුවන්ට තර්ජනය කිරීම ඔහුට එල්ල වී ඇති චෝදනා වේ.