පොහොර ප්‍රශ්නෙට අද චීනයයි ඉන්දියාවයි මැදිහත්වෙලා (VIDEO)

ලංකාවේ විසඳගන්න තිබුණ පොහොර ප්‍රශ්නයට අද චීනයයි ඉන්දියාවයි මැදිහත්වී ඇති බව ශ්‍රීලනිප මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ 21 වන ගුණානුස්මරණ උත්සවයට එක්වෙමින් ඔහු ඒ බව කියා සිටියේ ය.

"අද චීනයෙන් පොහොර ගෙන්වන්න බැරුව ඉන්දියාවෙන් පොහොර ගේනන හැදුවහම චීනයෙන් අහනවා ඇයි අපෙන් ගත්තේ නැත්තේ කියලා. අන්තිමට ලංකාවේ විසඳගන්න තිබුණ පොහොර ප්‍රශ්නේ අද චීනයයි ඉන්දියාවයි මැදිහත්වෙලා අහනවා ඇයි අපෙන් ගන්නේ නැත්තේ කියලා. බලෙන් හරි දෙන්න හදන්නේ."