ගුවන් තොටුපොළේදී PCR නවතා දැමීම ගජමිතුරු මාෆියාවේ වැඩක් ද ? (VIDEO)

කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ආරම්භ කරන ලද නව PCR රසායනාගාරයේ වැඩ කටයුතු අඩාළ කිරීම මහජනතාව හෝටල මාෆියාවට යට කිරීමේ

වුවමනාවෙන් සිදුකරන ලද්දක් යැයි තම සංගමය සැකකරන බව මෙරට ප්‍රකට සෞඛ්‍ය වෘත්තීය සමිතියක් පවසයි.

ගුවන් තොටුපොළේදී සිදුකරන PCR පරීක්ෂණ නවතා දමා බලෙන් වසන්තයක් උදාකරන්න ගොස් කොරෝනා අලුත් රැල්ලක් සාදා ගැනීමේ ලකුණු පෙනෙන්නට ඇතැයිද එම සංගමය අනතුරු අඟවයි.

එම සැකය හා අනතුරු මතුකර ඇත්තේ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය යි.

ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලිකරන එම සංගමයේ සභාපති රවී කුමුදේශ් වැඩිදුරටත් මෙසේ පවසයි.


''PCR පරීක්ෂණ නවත්තලා, බලෙන් වසන්තය කැන්දන්න ගිහින් අපි ලබන ජනවාරියේ විතර අලුත් රැල්ලක් ගෙන්නා ගන්න හදන පාටක් තියෙන්නේ

ගුවන්තොටුපල ON Arrival PCR එක අත්‍යවශ්‍යයි කියමින් හෝටල් නිරෝධායනයට උඩගෙඩි දෙමින් මාර්ගෝපදේශ හදපු සෞඛ්‍ය අමාත්‍යාංශය, හෝටල් මාෆියාවට තිත තියපු ගමන්, ON Arrival PCR අවශ්‍යම නැහැ කියලා මාර්ගෝපදේශ හදපු එක සැක සහිතයි.

පැය කිහිපයක් ඇතුළත ගුවන් මගීන්ගේ පරීක්ෂණ වාර්තා ලබාදීම ආරම්භ කර දින තුනක් යෑමට මත්තෙන්, එම කටයුත්ත අඩපණ කිරීම හෝටල මාෆියාවට යට කිරීමේ වුවමනාවෙන් සිදු කරන ලද්දක් බවට රවී කුමුදේශ් චෝදනා කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශ මාර්ගෝපදේශවලට අනුව, ගුවන් තොටුපොළින් ඇතුළුවීමේදී සියලු ගුවන් මගීන් විසින් PCR පරීක්ෂණයකට ලක්විය යුතු බව අනිවාර්ය‍ වීම නිසා පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන තුරු අනිවාර්ය හෝටල් නිරෝධායනය හරහා මහජනතාව විශාල ගසා කෑමකට ලක්වූ බව ඔහු පෙන්වා දෙයි.

එම තත්ත්වය වළක්වා කඩිනමින් වාර්තා ලබා දීම ඇරඹුණු වහාම රටට ඇතුළුවන ගුවන් මගීන් සඳහා PCR පරීක්ෂණ සිදුකිරීම අනවශ්‍ය බවට මාර්ගෝපදේශ නිකුත් කිරීමත්, නැවත මාර්ගෝපදේශ වෙනස් කරමින් දින කිහිපයට පසු PCR පරීක්ෂණ කිරීම අනිවාර්ය කිරීමට සූදානමක් පවතින බවක් පෙනෙන්නට ඇති නිසා මෙය කිසියම් සැලසුම් සහගත උත්සාහයක් විය හැකි බව එම සංගමයේ සභාපති රවී කුමුදේශ් පෙන්වා දෙයි.

(මුලාශ්‍රය -kubiyonews.com)

උපුටා ගැනීම : Leader.lk