මගේ මාතෘ භූමියට ජයවේවා...! එක්සත් රාජධානියේ ජීවත් වන ලාංකිකයන් විරෝධයක (VIDEO)

පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන් සියළු දෙනාට සාධාරණයක් කරන ලෙස ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඊයේ (16) පස්වරුවේ බ්‍රිතාන්‍ය

පාර්ලිමේන්තුව ඉදිරිපිටදී සාමකාමී විරෝධතා ව්‍යාපාරයක නිරත විය.

එක්සත් රාජධානියේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් මෙන්ම යුරෝපා රටවල් කිහිපයක ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ද ඊට එක්විය.

ඉතාලිය, ප්‍රංශය, ඇමරිකාව ඇතුළු තවත් රටවල් කිහිපයක ජීවත් වන ශ්‍රි ලාංකිකයන් විසින්‍ පවත්වනු ලැබූ උද්ගෝෂණ රැල්ලේ තවත් එක පියවරක් ලෙස මෙම උද්ගෝෂණය ලන්ඩන් නුවරදී සංවිධානය කර තිබිණ.

ජාතිවාදය, ආගම්වාදය තවදුරටත් අවශ්‍ය නොවන බව අවධාරණය කළ උද්ගෝෂකයන්, සියලු ශ්‍රී ලාංකිකයන්ට සමගියෙන් ජීවත් වියහැකි රටක් නිර්මාණය කරන ලෙස ඔවුන් පාලකයන්ගෙන් ඉල්ලා සිටිනවා.