නීතිපතිට හිතෙන වෙලාවට අධිචෝදනා පවරපු නඩු ඉල්ලා අස්කරගන්න බැහැ (VIDEO)

මහජන මුදල් විශාල වශයෙන් වැයකරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ කාලය යොදවමින් නිර්මාණය කරපු අධිචෝදනා පත්‍රය හිටි අඩියේ එක පෑන් පාරකින්

ඉල්ලා අස්කරගන්නවා නම් එතන බරපතළ ප්‍රශ්නයක් පවතින බව නීතිඥ සුනිල් වටගල පවසයි.

නීතිපතිවරයා හේතු නොදක්වා අධිචෝදනා පත්‍ර ඉවත් කරගැනීමට විරෝධය පළකරමින් ජාතික ජනබලවේගයේ නීතිඥයෝ අද (17) දින පැවැත්වූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් නීතිඥ සුනිල් වටගල මේ අදහස් පළකරනු ලැබීය. එම මාධ්‍ය හමුවේදී වැඩ දුරටත් අදහස් දැක්වූ සුනිල් වටගල මහතා…

“අපි වගකීමෙන් කියනවා එහෙම නීතිපතිට ඕන ඕන වෙලාවට අධි චෝදනා පත්‍ර ඉල්ලා අස්කරගන්න බැහැ. විශේෂ කාරණයක් තියෙන්න ඕන එහෙම ඉල්ලා අස්කරගන්වා නම්. නීතිය සැමට එකයි. නීතියේ ආධිපත්‍ය තහවුරු කරනවා. එක රටක් එක නීතියක් කියලා තමයි සෞභාග්‍යයේ දැක්මේ කිව්වේ. දැන් ඒක පැත්තක තියලා කොලේ වහලා වෙනත් පාරක යනවා. මේ අධි චෝදනාපත්‍ර ඉල්ලා අස්කරගන්න කිසිම පදනමක් නැහැ. විශේෂ කාරණාව තමයි දැන් ඉන්න නීතිපතිවරයා මේ ඉල්ලා අස්කරගන්න නඩු එවකට නීතිපතිවරයා පවරපු නඩු. එවකට නීතිපතිවරයා තමයි දැන් ඉන්න අග්‍රවිනිශ්චයකාරතුමා. දැන් ඉන්න අග්‍රවිනිශ්චයකාරතුමා තමයි එවකට නීතිපතිවරයා ලෙස මේ අධිචෝදනාපත්‍රවලට අත්සන් කරලා තියෙන්නේ. ලොකු ගැටළුවක් තියෙනවා. කාගේ වැරැද්දක්ද මේක. ඒ නිසා හරි පැහැදිලියි අපි කියනවා මේ ඉල්ලා අස්කරගැනීම් පිටුපස පටු පෞද්ගලික දේශපාලන අභිලාශයක් තියෙනවා. ඒ අභිලාශය තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ.” යනුවෙන් පැවසීය.

lankatruth