මාස 10ට සිපෙට්කෝ පාඩුව කෝටි 7000ක් (VIDEO)

පසුගිය මාස හයටම ඉන්ධන මිල සංශෝධනයක් නොකළ බැවින් මෙම වසරේ පළමු මාස 10 දී පමණක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් කෝටි 7000ක

පාඩුවක් ලබා ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පාර්ලිමේන්තුවේදී අද (1) පැවැසීය.

එබැවින් මිල සංශෝධනයක් නොකෙරේ නම් බදු අඩු කිරීමක් කරදෙන ලෙස මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇති බව ඔහු කියා සිටියේ ය.

පසුගිය මාස 6 දී ඉන්ධන මිල වැඩි නොකළ ලොව එකම රට ලංකාව බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

බලශක්ති අමාත්‍යවරයා මෙසේ පැවසූවේ සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි .