රසායනික පොහොර ආනයන තහනම ඉවත් කිරීමෙන් පසු ඉහල ගිය එළවලු මිල පහල බැසීම තුලින්, ඩොලර් නෑ කියූ බැංකු පොහොර ආනයනයට ණයවර ලිපි
විවෘත කිරීම තුලින් ඔප්පු වන්නේ කාබනික වගාවට එරෙහිව පැවති කුමන්ත්‍රණය යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.
“කාබනික වගාවේ ඉදිරිගමන පිළිබඳ ජාතික කතිකාව“ යන මැයෙන් ඊයේ (30) කොළඹ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති විශේෂ සම්මන්ත්‍රණයකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
“ජනාධිපතිතුමා මේ තීරණය ගත්තේ එක රැයකින් තනි තීරණයකට නෙමෙයි. කෘෂි විද්වතුන් ගෙන්වලා. ඒ පිරිස තමයි සෞභාග්ය දැක්මේ මේ වගන්තිය ලියන්නේ. ඒ වගේම ඒ පිළිබඳව ජනාධිපතිතුමා දීර්ඝ කථිකාවක් කරලා තමයි මේ තීන්දුව ගන්නේ. හැබැයි ජනාධිපතිතුමා ගත්ත මේ තීන්දුවේ වටිනාකම මේ රටේ කිසිවෙක් අතට ගත්තේ නැහැ. ඒ තීන්දුව දේශපාලනීකරණය වුණා. අවසානයේ මේකට විරුද්ධව ගොවි ජනතාව පාරට බැහැලා මේ ගත්ත තීන්දුව නිසා ජනතාවට ඇහුම්කන් දෙන ආණ්ඩුවක් ලෙස අපි තීන්දු කළා රසායනික පොහොර ආනයනය තහනම ඉවත් කර ගන්න.
හැබැයි අපි හැප්පුනේ සීගිරි කන්දටත් එහා ගිය රසායනික මාෆියාව එක්ක.
හැම මාධ්‍යවේදියෙක්ම ආර්ථික මධ්‍යස්ථානවලට ගියා. ඒ ගිහින් කැමරාවට පෙන්නවා. කැරට් කිලෝ 1 රු 500, ලූණු කිලෝ 1 රු.500යි. කැරට් අලය මෙච්චරයි, අල ගෙඩියක් මෙච්චරයි. රසායනික තහනම ඉවත් කරලා දවස් දෙකක් ගියාට පස්සේ රු.500 කැරට් කිලෝ එක රු.250යි. රු.500 අල කිලෝ එක රු.250යි. මෙච්චර කැරට් අල මෙච්චරයි කියලා ඒ රූපවාහිනියෙන්ම පෙන්නුවා. අපේ රටේ ඩොලර් හිඟයක් තියෙනවා කිව්වා. අපේ රටේ අත්‍යවශ්‍ය ආහාර ගේන්න පුද්ගලික බැංකු සල්ලි නැහැ කියනවා. අපි රසායනික තහනම ඉවත් කළා සතියකට කලින්. අද සියලු බැංකු නෑ කියපු ඩොලර් ටික එළියට අරගෙන රසායනික පොහොර ආනයන කරන්න LC ඇරලා. එතකොට එක දවසින් කැරට් ලොකු වෙනවානම්. එක දවසින් අල ලොකු වෙනවානම්. එක දවසින් නැති ඩොලර් ඇති වෙනවා නම්. මේ පිටිපස්සේ මොකක්ද තියෙන්නේ කියන එක අපට ඉතාම පැහැදිලි.”