ගෑස් පිපිරෙන්නේ ඇයි ? අසේල හෙළිකරයි (VIDEO)

ගෑස් කාන්දු වීම් නිසා වාර්තා වෙන පිපිරීම්, ගිනිගැනීම් සියල්ල සිදුවන්නේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස යැයි ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති

අසේල සම්පත් පවසයි.

''මේක බරපතල ප්‍රශ්නයක්. එක මිනිස් ජීවිතයක්, එක පොදු දේපලක්, එක නිවසක හෝ මොනයම් හෝ අලාභයක් අදින් පස්සේ වුණොත් අපි ඒ ස්ථානවලට ගිහින් බලාගනිල්ලා උඹලට කරන වැඩේ. ඒ නිසා මේ ප්‍රශ්නය කඩිනමින් විසඳන්න ඕනේ. පත් කරලා තියෙනවා ජනාධිපති කමිටුවක් දේශබන්දු තෙන්නකෝන් මහත්තයා ප්‍රමුඛ. අපි කියනවා පැය 48න් ඔය ප්‍රශ්නය විසඳන්න පුළුවන්. සති දෙකක් බම්බු ගහනවද? ඒ කියන්නේ සති දෙකක් පුපුරපන්.එතකොට තමයි ප්‍රශ්නය ගානට එන්නේ. මේවා සැලසුම්. මේ ප්‍රශ්නය ගැන ජනාධිපති සංවේදී නැත්නම් අපි කියනවා ජනාධිපතිට පිරිත් නූල් ගැට ගහපු,ධාතු කරඬුව ඔලුවේ තියපු මේ රටේ මහනායක,අනුනායක, අර නායක මේ නායක සියලු නායකයින්ට කියනවා ඔබවහන්සේලාට දානේ ටික නැතිවෙන්න හදන්නේ.ගෙවල්වල ගෑස් පුපුරනවා. දැන් මාගල්කන්දේ සුදන්තලා,ඉත්තෑකන්දෙලා,මඩිල්ලේලා වඩින්න පාරට. දානේ නැහැ. උයන්න විදිහක් නැහැ . පුපුරනවා පටපට ගාලා. කෝ ඔය එක හාමුදුරු නමක් කිව්වද ජනාධිපතිතුමනි ගෑස් පුපුරනවා කියල.''