මම පොරොන්දු වුණ වැඩ කරනවා කරනවාමයි ජනපතිගෙන් සහතිකයක් (VIDEO)

තිස් වසරක යුද්ධය තෙවසරකින් නිමා කළ මෙන් තමා ලබාදුන් පොරොන්දු සියල්ල ඉදිරි වසර 3 තුළ දී ඉටුකරන බව පවසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

තමන් ගැන තවදුරටත් විශ්වාසය තබන මෙන් ඉල්ලා සිටිනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (15) මධ්‍යම අධිවේග මාර්ගයේ අලුතින් නිම කළ කොටස විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි.

"මම අවුරුදු 5ක් තුළ කරනවා කියපු ඒ වැඩ සියල්ලම ලබන අවුරුදු 3 තුළ කරනවා කරනවාමයි."

"මගේ ඇමති මණ්ඩලය, අපිත් එක්ක ඉන්න මන්ත්‍රීවරුන්ගෙන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙන් මං ඉල්ලා සිටිනවා බොරු ප්‍රචාරවලට අධෛර්යමත් වෙන්නේ නැතුව අපි ජනතාවට පොරොන්දු වූ වැඩ කොටස මේ අවුරුදු තුනේ කරමු කියලා."

"අපි අවුරුදු 3කින් තමයි අවුරුදු 30ක යුද්ධය අවසාන කළේ. එහෙමනම් මේ ඉතිරි අවුරුදු තුනේදී අපි පොරොන්දුවෙන වැඩ කොටස කරන්න පුළුවන්."

"හැබැයි මාත් එක්ක එකතු වෙන්න. මං ගැන විශ්වාසය තියන්න. අපිට මේක කරන්න පුළුවන්."