ජනපතිට ඇඟට ලේ ඉණු ජොන්ස්ටන්ගේ කතාව (VIDEO)

කොවිඩ් වසංගතය හේතුවෙන් රට වසා තිබියදීත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සංවේදී නායකයෙකු ලෙස ජනතාවගේ පැත්තේ සිට තීන්දු තීරණ ගත් බව

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කරනවා.

ඉදිරි වසර තුන තුළ ජනාධිපතිවරයා රට ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළ ගැන කිසිඳු සැකයක් ඇති කර නොගන්නැයි අමාත්‍යවරයා ඉල්ලා සිටියේ කොළඹ, නුවර යා කෙරෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වෙමිනි.

එසේම, රටේ සංවර්ධනය වෙනුවෙන් ජනාධිපතිවරයා අපේක්ෂා කරන අයුරින් ඉලක්කගතව අධිවේගී සහ සෙසු මාර්ග පද්ධතිය සංවර්ධනය කර ජනතාවට භාරදෙන බවට අමාත්‍යවරයා සහතික විය.