පාර්ලිමේන්තුවේ ආහාර සඳහා විශාල වියදමක් යන බවත්, ආහාර සැපයීමේ දී වංචා සිදුවන බවත් ඉරිදා ලංකාදීප පුවත්පත විසින් වාර්තා කර තිබූ බැවින් එහි
සත්‍ය අසත්‍යතාව පිළිබඳ සොයා බැලීමට පරීක්ෂණයක් පවත්වන මෙන් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ඉල්ලීමක් කළේ ය.
අද (19) පාර්ලිමේන්තුව අමතමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ රට ආහාර අර්බුදයක සිටින අවස්ථාවක මෙවැනි සිදුවීම් සැබවින්ම සිදුවනවා නම් ජනතාව අපිට ගල්වලින් පහරදේවි යනුවෙනි.