රන්ජන් ගැන සජිත්ගෙන් විශේෂ ඉල්ලීමක් (VIDEO)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට පූර්ණ අයිතිවාසිකම් සහිත නිදහස ලබාදෙන ලෙස සමගි ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත්

ප්‍රේමදාස අද (20) පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේ ය.

ඔහුට සිර දඬුවම් විඳීමට සිදුව ඇත්තේ මිනීමැරුම්, සොරකම්, වංචා දුෂණ, රටේ මුදල් සොරකම් හෝ ස්ත්‍රී දුෂණ කිරීම නිසා නොව වචන භාවිතයේ අඩුපාඩුවක් නිසා බැවින් මනුෂ්‍යත්වයේ නාමයෙන් ඔහුගේ විඳවීමට අවසානයක් ලබාදෙන ලෙස විපක්ෂ නායකයා වැඩිදුරටත් ඉල්ලා සිටියේ ය.