පොළවේ නැති දේවල් කියන්න ගියොත් ආයෙමත් දෙවනි නෑම නානවා - දඹර අමිල හිමි (VIDEO)

නිවැරදි දේශපාලන කියවීමක් නොමැතිව පොළොවේ නැති දේවල් කතා කරන පුද්ගලයින් පිටුපස පෙළ ගැසීමට පටන් ගත්තොත් ජනතාව නැවත වරක්

අමාරුවේ වැටෙන බව පූජ්‍ය දඹර අමිල හිමි පවසනවා.

දෙවැනි වරටත් අමාරුවේ වැටීමට පෙර මහජනයාට දේශපාලනය නිවැරදිව කියා දීමේ වගකීම තමන් සතුව ඇති බව උන්වහන්සේ කියා සිටියේ "මැදහත් මාවත" මැයෙන් සිවිල් සංවිධාන එකමුතුවක් විසින් සංවිධානය කරනු ලැබූ වැඩසටහනකට ඊයේ (22) එක්වෙමිනි.